Calender

November 2010
S M T W T F S
« Oct   Dec »
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Categories

ජෝර්ජ් ආර්. විලී මහින්ද රාජපක්ෂයන් අපහසුතාවයට ලක්වන අන්දමට කරන ලද කථාව

ජෝර්ජ් ආර්. විලී නැමැත්තෙකු ජනාධිපති මහින්ද රාජපක්ෂයන් ඇමරිකා එක්සත් ජනපදයේ හුස්ටන් නගරයට ගිය මොහොතක එතුමා පිළිගැනීම උදෙසා පැවති යම් උත්සවයකදී, එතුමන් අපහසුතාවයට ලක්වන අන්දමට කරන ලද කථාවක්, ජිනීවා නුවරදී ලක්බිමට එරෙහිව සාක්ෂි සැපයූ නිර්ලජ්ජිත ජාති හ්‍රෂ්ටයාගේ පරිවර්තනයක් ලෙස Facebook අඩවියේ සිංහලයන් අතරේ තිබී කියවන්නට …ලැබිණි..මේ ඔබ දකින්නේ අපේ සමහර සිංහල බූරුවන්ට ඩිමොක්‍රසි වැක්කෙරෙන ආතල් එකක් වී තිබෙන උක්ත කථාවෙහි වීඩියෝ පටයයි…

‎”promise me that the ten year old boy walking to school tomorrow, in his white shirt, have no other red stain, than from the jambu fruit..” මොහු හරි නම් මේ බණේ දෙසිය යුත්තේ වයස අවුරුදු 18 වැඩි සොල්දාදුවන්ගෙන් සමන්විත නීත්‍යානුකූල ත්‍රිවිධ …හමුදාවක් රැගෙන සටනක් කළ අපේ ජනාධිපතිවරයාට නොව, දස හැවිරිදි පාසැල් දරුවන්ව බලහත්කාරයෙන් මවු තුරුළෙන් උදුරාගෙන සන්නද්ධ කළ එල්.ටී.ටී.ඊ.යේ අදට ඉතිරිවී ඇති පිල්ලි අතළොස්ස වන රුද්‍රකුමාරන්, රවිබාලන් වැන්නවුන්ටය..නමුත් ඇමරිකාවේ හා යුරෝපයේ ක්‍රියාත්මක දෙමළ පාතාලයේ තරම දන්නා නිසා මොහු ඒ පැත්තට බණ කියන්නට යෑමෙන් වැළකී සිට ඇත්තේ, එහෙම කියන්නට ගියා නම් Paradise කෙසේ වෙතත් Heaven එක නම් සියැසින් දැක බලා ගන්නට ලැබෙන නිසා විය යුතුය.

මේ සභාවේ සිටින සියළුම සිංහලයන් ඒ කථාවෙන් නින්දාවට ලක් වූවාට සැක නැත. මොහු සමච්චල් කර ඇත්තේ ඔවුන්ගේ ආරාධනයෙන් එහි පැමිණි ඔවුන්ගේ නායකයාටය. එහෙම මොහොතක නැඟී සිට ඉංග්‍රීසියෙන් හොඳ උත්තරයක් තම ජාතිය හා නායකයා වෙනුවෙන් දෙන්නට තරම් හයිය කොන්දක් ඇති එකෙකු මෙතැන නොසිටීම කණාගටුවට කරුණකි. එවැනි සිංහලයන් ඇමරිකාවේ සිටින සිංහල තරුණ ප්‍රජාව අතරේ සිටිනවා විය යුතුය. එනමුත්, ඉතාම කුසීත,ගර්හිත හා නිවට නියැදියක් වන ලාංකික “රාජ්‍ය තාන්ත්‍රිකයන්” හා ඔවුන්ගේ හතර වරිගය රැස්වන මෙවැනි තැන්වලින් එවැන්නෙකු අපේක්ෂා කිරීමද අනුවණ කමකි.

ලන්ඩන් නුවර East Ham ප්‍රදේශයේ කොටි දමිළයන් ශ්‍රී ලංකාවට අපකීර්තියක් වන සටහන් රැගත් අත් පත්‍රිකා බෙදන බව දුරකථනයෙන් රටට හිතැති අයෙකු විසින් දැනුම් දුන් විට “ඕවා හැමදාම වෙන වැඩ. ඕවා පස්සේ එළවන්න ගියොත් නිවනක් නෑ” ලෙසින් ඊට ප්‍රතිචාර දැක්වූ රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ ගෝත්‍රය සිරිලක “එතෙර සේවයේ” නියුතු තාක් කල් මොහු වැන්නවුන් කථා නොව අසැබි වදනින් වුවද රටට, ජාතියට හා නායකයන්ට බැණ වදින්නට පසුබට නොවනු ඇත. බරපතළම ගැටළුව මෙයයි. පිළිගැනීමේ කථාවක් හරහා ප්‍රධාන අමුත්තා සමච්චලයට ලක් කරන සතුරෙකු එතැනට කැඳවා ගත් සංවිධායකයන්ජනාධිපතිවරයාගේ ආරක්ෂාව කෙසේ සැලසුවා විය හැකිද? පිළිගැනුම් කථා පීඨිකාවට කොටියෙකුට පැමිණිය හැකි නම්, මේ සභා ගැබ කොටි බෝම්බ කරුවෙකුට එතරම් දුර යැයි කිව හැක්කේ කාටද? කොටි පිස්තෝල කරුවෙකුට තහනම් වී ඇතැයි කිව හැක්කේ කාටද? ලක්දිවදී ජන නායකයා මරා ගන්නට නොහැකිව ගසන, ගසන පොට වැරදී ළතවෙන අතිශය සංකීර්ණ බලවේග ජාලයකට මෙවැනි සිංහල හරකුන් අතරේ එතුමා පහසු ගොදුරක් නොවනු ඇතිද?. එතුමන්ට දෙන ආහාර පාන වල ක්‍රමවත් සුරක්ෂිත භාවය ගැන වග කියන්නේ කවුද?.

ජනපතිතුමනි, ඔබගේ ඔක්ස්ෆර්ඩ් සංචාරය ගැන දෙවරක් සිතීමට කාලයයි මේ. ඔබතුමා එය ඉගෙන ගන්න විට ප්‍රේමදාස මෙන් පරක්කු වූවා වැඩි වීමට ඉඩ ඇත. එකම දේ දේවරක් සිදු නොවේ. වඩා වැදගත් ඔක්ස්ෆර්ඩ් දේශනය නොව රටේ ඉදිරි සංවර්ධනයට කටයුතු කිරීමය. ඔක්ස්ෆර්ඩ් සිංහලයින්ට ඔමතුමාගේ කතාව අත්‍යවශ්‍යනම් ඒ අය ලංකාවට එනු ඇත.

By:DK

Share

Leave a Reply

 

 

 

You can use these HTML tags

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>