නොවැම්බර් මස 18 හෝ 19 ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය දෙවන ධූර කාලයේ දිවුරුම් දීම සිදුවිය හැකි බව යෞවන කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි. කොළඹ අද පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඓතිහාසික අනුරාධපුර නගරයේදී මෙම දිවුරුම් දිම සිදුවනු ඇති බවය. ජනාධිපතිවරයා සිය දෙවන ධුර කාලයේ දිවුරුම් දීමට සමගාමීව හම්බන්තොට ජාත්‍යන්තර වරායට පළමු නැව සේන්දු වීම සිදුවනු ඇති බවද ඔහු ප‍්‍රකාශ කළේය
Source: www.lankacnews.com
“දියසේන කුමාරයා” ගැන කියන කතාවල කියල තිබෙනවා බුදුන්ගේ පරිනිර්වානයට වසර දෙදහස් පන්සීයකට පසුව පහල වෙන දියසෙන් කුමාරයා යම් දිනෙක අනුරාධපුරයට ලොබ බැඳ එහිදී රජකමට පත් වන බව. ඒ වගේම සමහර අය කියනවා “දියසේන කුමාරයා” උපදින්නෙ කරදියෙන් කියල. ඒ වගේම දියසේන කුමාරයා යම් දියෙන මහ මුහුද දෙබෑ කරල ඉන්දියාවෙන් ලංකාවට එනවයි කියනව වගේම යම් දිනෙක සිංහලය එක්සේසත් කර දහමෙන් ලෝකයද දිනනවයි කියලත් කියනවා. මේ කතා බොහෝමයක තිබෙන්නෙ සුමන සමන් දිව්‍ය රාජයා ශ්‍රී පාදයට වන්දනාවේ යන තාපසයෙකුට, මිනිස් වෙසින් පැමිණ මෙය ප්‍රකාශ කල බවට.
කියග මගිය එනු කොහි සිට? – දද සමනොළ ගොසිනා
නොය කියමුකු එදිග? – බමුණ සුමන සුරිඳු විසිනා
ගිය කල දෙදහස් පන්සිය – රජකු එතැයි දියනා
මහින්ද මහත්තයා ඉපදුනෙත් 2500 බුද්ධ ජයන්තියට ආසන්න කාලෙක. ඒ කියන්නෙ 1945 දී. එතන වසර කිහිපයක වෙනසක් තියෙනව තමයි. ඒත් ආසන්නව යනව.
සමන් දෙවියන්ගෙ අනාවැකියට අනුව එතුමා බෙදී වෙන් වුන සිංහලය එක්සේසත් කළා. එදා පඬුවස් මහරජතුමා යක්ෂ, නාග, දේව, අසුර වගේ ගෝත්‍ර එකතු කරල සිංහල ජාතිය හැදුව වගේ අද බෙදී වෙන් වුන සිංහල, දෙමළ, මුස්ලීම්, බර්ගර් ජාතීන් එකතු කරල ශ්‍රී ලාංකික ජාතිය නිර්මානය කළා.
ජනපති කමට දිවුරුම් දෙනව කියන්න, සිංහල ඉතිහාසයට අනුව රාජාහිශේකයක් වගේ තමයි. ඉතින් අනුරාධපුරේ මෙය සිදුවීමත් අර අනාවැකිය සඵල කරන්නක් නේද?
ඒ වගේම එදා යුද්ධය දිනපු ජනපතිතුමා අද ජනතාව දිනාගෙන තිබෙන්නෙ අර මහා සාගරය දෙබෑ කරල හදපු මාගම්පුර වරාය නිසා නේද? ඉතින් බලන්න මාගම්පුර වරාය නිසා ඉන්දියාවට තිබුන වරාය ආදායමේ අන්තිම පනකෙන්දත් අහෝසි වෙලා ඒක ලංකාවට එනව. එතකොට දියසේන කුමාරයා ඉන්දියාවේ සිට මහ මුහුද දෙබෑ කරගෙන එන කතාවයි, කරදියෙන් උපදින කතාවයි ඒකට ගැලපෙනව.
පසුගිය එක්සත් ජාතීන්ගේ සමුළුවේදී අපේ ජනපති තුමා අවධාරනය කරපු දෙයක් තමයි බුදු දහම ලෝක ආර්ථික සංවර්ධනයට ඉවහල් කරගතයුතු බව. එතුමාගේ අනාගත දැක්මත් ඒකයි. ඉතින් එතුමා යම් දිනෙක බුදු දහම ආශ්‍රය කරගෙන අප රටට නියම සංවර්ධනයක් ලබාදීල (ඒ කියන්නෙ ආධ්‍යාත්මික සංවර්ධනයක්) එය ලෝකයටත් ව්‍යාප්ත කළොත් එයත් දියසේන ප්‍රතිපත්තියම නේද?
ලස්සනම කාරණාව තමයි එතුමාගෙ සම්පූර්ණ නම Percy Mahinda Rajapaksa ඉංග්‍රීසියෙන් ලියල එකෙ අකුරු එහාට මෙහාට කළාම Parakrama සහ Diyasena කියන නම් දෙක පොඩි අකුරු 4ක විතරක් වෙන ඉතිරියකින් ලබාගන්න පුළුවන් වීම. දියසේන කියන්නෙ පරාක්‍රමබාහු රජතුමාගෙම පුනර්භවයක් බවටත් ජනකතාවක් තිබේ.
ඉතින් මේක අපේ සිංහල ඉතිහාසයේ තිබෙන අනාවැකියක් සඵල වීමක් නේද? ඔබත් හොඳට කළින් කී කතාව අධ්‍යයනක කරලා පූර්වාපර සන්ධි ගලපලා බලන්න. ඔබ මෙම කතාව විශ්වාස කරන්නේනම් “විකීපීඩියා” විශ්වකෝශයේ මහින්ද මහතාගේ විස්තර වලට එය එකතු කරන ලෙස ඉල්ලා සිටිමි. (මන්ද යත් එයට කරුනු ඇතුලත් කිරීමට බොහෝ දෙනෙකුගේ සහාය අවශ්‍ය වීමයි.)
“දෙවන නිදහස් අරගලයට නායකත්වය දී එය ජයග්රහණය කළ ජනාධිපතිවරයාට රජකු ලෙසින් සැලකීම නො වැළැක්විය හැකි කාරණයෙකි. ආයුබෝ වේවා! මහ රජාණෙනී, කීව ද දුටුගැමුණු යැයි කීව ද ජාතියේ ආඩම්බර තාත්තා යැයි කියූව ද වෙනසක් නැත. ඒ සියලු හැඳින්වීම්වලට සේ ම ගෞරවයට ද ජනතාව එකඟ ය. යම් දිනෙක මහින්ද මහතාව “දියසේන මහරජතුමා” යැයි ජනතාව විසින් හඳුන්වා ජීවමාන වූ ඉතිහාසගත ප්‍රබන්ධයක් වීම රැඳී ඇත්තේ එතුමාගේ ඉදිරි වැඩ කටයුතු අනුවය.”

eththatama mata ape janapathithuma gena bohoma adambarayi. ethuma thamayi eththatama diyasena kumaraya. eda yudde dinapu davase thamayi mata hithune methumma thamayi diyasena kumaraya kiyala. eth me lipiye thiyena vidiyata matanam den sak sudak se pehediliyi Mahinda kiyanne diyasena kumaraya bava
Apita bearida diyaseana kumarayage pilimayak wagea eakak hoyaganna. Eheama unoth mama hitannea godak samanakam hoya ganna puluwan weai. Matanam hodatama sure mea innea diya seana kiyala. Balanna english akuru wala unath podi weanasai nea thiyeannea. Eakama madea oppu karanna. Yaluweak kiwwa diyaseana kathawata anuwa MR eayagea deawal arrange karanawa kiyala. Uta pissu. Eathatama meak ea aithihasika Diya Seana kathawa tamai sidda weanne!!!! JAYA WEAWA!!!
mahinda rajapaksha metituma diyasen kumarayata samakala heki metha ugaye bihiwu asahaya rashta palakayan kipa denagen ek ayek lesa mata pene.namuth ohuge name ingricy akuru walin diyasena kumaraya soyagenimata yama etumata karana nigawak lesa ma dakimi.mata penena hetiyata api ape sanskrutiya ha sabyathwaya pilibada wedipura udam eniya uth nowe.mokada ehi awasanaya jathi wadi vimata heki nisaweni.e nisa nutana diyasen kumaraya hewath mahinda rajapaksha metituma jathika wadi ramuwak tula hidimin janatha wadi palanayak uda karanu ethai sithami.
HE The President is indeed the saviour of Sri Lanka.. He was brave enough to end the cruel terrorism in the country and save countless innocent lives.. Now he is astute enough to have taken a stand against poverty and is now bringing SL as an economic power in SE Asia. We as Sri Lankans are fortunate enough to be under an able leader as HE The President, Mahinda Rajapakse.
Thank you Ranga for your contribution to our country and it is indeed a great pleasure to see people like you who are grateful and appreciative of a brave and unwavering leader..
Nelu Manel
wenna bari nehe.
මේක ලිව්වෙ ජැක්සන් ඇන්තනිද?
mechchara kala ahapu gonma kathawa