”මිනිසා මෙතෙක් දැක ඇති යෝධම යුධ යාන්ත්‍රණය, සෝවියට් රතු හමුදාවයි. සෙබළුන් ගණන එක් කෝටි විසි ලක්ෂයකි. ප්‍රධාන යුද්ධ ටැංකි ගණන 71,480 කි (1985 වන විට ), සෙසු සන්නද්ධ රථ 225,000 (1985 දී) කි..එහෙත් ඔවුහු ඇෆ්ගන් ගරිල්ලාවන් සමඟ කළ සටන පරාජයට පත්වූහ..මෙලොව ගරිල්ලා යුද්ධයක් සහමුලින් උපුටා දැමිය හැකි යම් හමුදාවක් වෙතොත්, ඔවුන්… මිනිස් පරාසය ඉක්මවා ගිය ශූරත්වයකින් යුතු විය යුතුය” – බ්‍රිතාන්‍ය යුධ විශේෂඥ ලී එවරෙට්
“මිනිසා මෙතෙක් දැක ඇති විශාලතම ගුවන් හමුදාව ඇමරිකානු ගුවන් හමුදාවයි..ඉදිරිපෙළ ප්‍රහාරක යානා ගණන දස දහසකට අධිකය..දිගු දුර බෝම්බ හෙළන යානා ගණන දහස ඉක්මවයි..භූමි ප්‍රහාරක යානා ගණන තුන් දහස් පන්සීයකි..ප්‍රහාරක හෙලිකොප්ටර් පන්දහස් හත්සීයකි..එහෙත් ඔවුහු වියට්නාම් ගරිල්ලන්ගේ සැඟවුම හමුවේ නිරුත්තර වූහ..ගරිල්ලා අරගලයක් තලා දැමිය හැකි යම් ගුවන් හමුදාවක් මෙලොව වෙතොත්, ඔවුහු මිනිස් පරාසය ඉක්මවා ගිය ශූරත්වයකින් යුතු විය යුතුය” – ආචාර්ය ලී එවරෙට්
”මිනිසා මෙතෙක් දැක ඇති විශාලතම නාවික හමුදාව ඇමරිකානු නාවික හමුදාවයි..න්‍යෂ්ඨික සබ්මැරීන ගණන 37 කි..සෙසු සබ්මැරීන තුන් සිය ගණනකි…න්‍යෂ්ඨික ඉන්ධනයෙන් දුවන යෝධ පාවෙන ගුවන් තොටුපළවල් ගණන 17 කි (Nuclear Powered Aircraft Carriers)..ඇමරිකානු නාවික ගුවන් බල ඝණය සතු අති නවීන යුධ ගුවන් යානා ගණන 2,500 කි (Aviation wing of the US Navy)..කෲසර් යුධ නැව් 74කි..එහෙත් ඔවුන් කොරියානු ගරිල්ලන්ගේ උණ බම්බු පාරු හමුවේ නිරුත්තර වූහ. ලොව ගරිල්ලා අරගලයක් උපුටා දැමිය හැකි යම් නාවික හමුදාවක් වෙතොත් ඔවුන් මිනිස් පරාසය ඉක්මවා ගිය ශූරත්වයකින් යුතු විය යුතුය ” – ආචාර්ය ලී එවරෙට්
ලී එවරෙට් ආචාර්ය තුමනි..ඔබතුමා මෙය පැවසුවේ 1989 වසරේදීය..නමුත් අද එවැනි ත්‍රිවිධ හමුදාවක් ඔබට මුණ ගැස්වීමට මට පුළුවන්…( අවාසනාවකට අද ඔබතුමා ජීවතුන් අතර නැත)
By: Damith Kethaka

Recent Comments