මේ ඔබ දකින්නේ ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීමේ මුවාවෙන්, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවන බව ඇමරිකානු රජයට පවසා, රටට නින්දා කිරීම සඳහා “ඒකාබද්ධ විපක්ෂය” මඟින් ඇමරිකා එක්සත් ජනපදයේ, ලොස් ඇනජ්ලෙස් නුවර පවත්වන ලද “අති දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයයි”. උද්ඝෝෂණයට සහභාගී වූ දැවැන්ත පිරිස අතේ ඇඟිලි වලින් ගණන් කළ විට මොනවදෝ ඇඟිලි වගයක් ඉතිරිත් වූ බව සඳහන් කරමි. දැක්කම බය හිතෙනවා ඉන්න සෙනඟ. ඇමරිකාවත් හෙල්ලිලා යන්න ඇති. පව් ඔබාමා!
මේ අතර උද්ඝෝෂණයේ දැවැන්ත බව නිසා ඇමරිකාවේ ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල වී, එරට හදිසි තත්වයක් ප්‍රකාශ කොට ඇත. ජනාධිපති බැරැක් ඔබාමාව ධවල මන්දිරයෙන් ඉවත් කොට Barksdale ගුවන් හමුදා කඳවුරේ ආරක්ෂිත නිවස්නය කරා දැඩි ගුවන් රැකවල් මැද ගෙන ගොස් තිබේ. උද්ගත වී ඇති තත්වය සමථයකට පත් කිරීම සඳහා ඔබාමා මහතා, ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇතැයි ඇමරිකානු ආරංචි මාර්ග සඳහන් කරයි…
ඔබාමා මහතා සහ අමරසිංහ මහතා අතර ඇතිවූ දුරකථන සංවාදයෙන් උපුටා ගත් කොටසක් මේ වන විට අප වෙත ලැබී තිබේ..
“ඔබ ඇමතූ ඩයලොග් දුරකථනයෙන් ප්‍රතිචාරයක් නොමැත..කරුණාකර…”
(ඔබාමා යළි අංකය ඔබා ඇමතුම සම්බන්ධ කරයි)…
බැරැක්: අනේ මචං මේක නවත්තලා දීපං, මචං..මම තාම පත්වෙලත් ටික දවසයි..අමාරුවෙන් ගත්තෙ, කර ගන්න ඉඩ දීපං මචං
අමර: හ්ම්ම්..හොඳයි..මම සළකා බලන්නං..ඉස්සෙල්ල කියපං මගේ වැඩේ වෙයිද, නැද්ද කියලා….
බැරැක්: වෙනවා..වෙනවා…මම ලංකාවට බෝම්බ දාලා මහින්දව පන්නල දෙන්නං. මේ උද්ඝෝෂණේ නවත්තලා දීපං මචං. මේ තාම අතපය වෙව්ලනවා. උඹලත් කරන්නෙම මේ වගේ දැවැන්ත වැඩමනේ…
අමර: දැන් උඹටත් පේනවා ඇති නේ, ජේ.වී.පී කාරයෝ කියන්නේ කවුද කියලා…හහ්..හහ්..හහ්..හා…

what a shame…
Another JVP-Gonseka joint “Pada show” hoooooooo ooooo!!!
1,2,3,4,5,6,7 only this seven can protest Military rules. obey the court rules. do not go over rules beyong judgeges ok. forget about pass try to avoid the same mistake future and look after the our mother land.
hikz hikz.. chater…
මෙලෙස හරි උද්ඝෝෂණ කරන්නට තරම් හරි නිවටයින් නොවූ සිංහලයන් අපට සිටීම ගැන මම අවංකවම සතුටු වෙමි.
mama hithanne meka inna aya okkoma eka famail ekaka kattiya thamai……weda nethuwata meva hodai ithin……..