Calender

March 2010
S M T W T F S
« Feb   Apr »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Categories

එළඹෙන මහමැතිවරණයේ වැඩිම මනාප විමල් වීරවංශට

කවුරු මොනවා කිව්වත් මෙවර මහමැතිවරණයේදී වඩාත් ප්‍රබල ලෙස මනාප අතින් ඉදිරියට ඒමට හැකියැයි සිතෙන අපේක්ෂකයෝ සතර දෙනෙක් සිටිති. එනම් රනිල් වික්‍රමසිංහ, විමල් වීරවංශ, බැසිල් රාජපක්ෂ, සරත් ෆොන්සේකා යන මහත්වරුයි. ඉහත දැක්වූ අපේක්ෂකයින්ව ඉස්මතු කර ඇත්තේ ඔවුන්ගේ ජනප්‍රියත්වය මත සහ ඔවුන් ඉදිරිපත් වන දිස්ත්‍රික්ක වල සිටින විශාල ඡන්දදායකයින් සංඛ්‍යාව නිසයි.

මෙහිදී වඩාත් වැදගත්ම කාරණය වන්නේ සරත් ෆොන්සේකා සහ රනිල් වික්‍රමසිංහ පක්ෂ දෙකකින් මැතිවරනයට ඉදිරිපත් වීමයි. පසුගිය ජනපතිවරනයේදී මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය දුන් ඡන්දදායකයින් මෙවර රනිල්ට හෝ සරත්ට ඡන්දය දෙනවායැයි විශ්වාස කල නොහැක. මක්නිසාද යත්, මැතිවරණ ඉතිහාසය අනුව කිසිවිටෙක ජනපතිවරණයකට පසුව එළඹෙන මහමැතිවරනයේදී, ජයග්‍රාහී ජනපතිවරයා සිටින පක්ෂයට ජනපතිවරණයේදී ලද ඡන්ද ප්‍රමාණයට වඩා ඡන්ද වැඩි වෙනවා මිස අඩු වෙන්නේ නැත. ඊට අමතරව ජනපතිවරයාට ඡන්දය දුන් උදවිය වෙනත් පක්ෂයකට මෙවර ඡන්දය දීම යනු තමන් දුන් ඡන්දයටම විරුද්ධව යාමකි. සරත් ෆොන්සේකාව අත් අඩංගුවට ගෙන තිබෙන නිසා ඔහුට අනුකම්පාවෙන් සංධාන පාක්ෂිකයින් ඡන්දය දේයැයි සමහරු කරන තර්කයේද කිසිම පදනමක් නැත. එනම් සරත්ට කිසිම සංධාන අපේක්ෂකයෙක් අනුකම්පා නොකරන අතර, මහින්දව ඔවුන්ගේ හදවත තුල වීරත්වයට පත්කරගෙන සිටින්නේ කෙසේද, සරත්ව ඔවුන් එපමණින්ම ද්‍රෝහියෙක් ලෙස හංවඩු ගසා ඇත. හැරත් සංධාන පාක්ෂිකයින් සරත්ට අනුකම්පා කරයිනම් රට තුල මෙවැනි සාමකාමී පරිසරයක් තිබීමටද නොහැක.

එලෙසනම් සිදුවිය හැක්කේ හංසයාට ඡන්දය දුන් උදවියගේ ඡන්ද සරත්(DNA) සහ රනිල්(NFF) අතර බෙදී යාමයි. පසුගියවර 2004 මහමැතිවරනයේදී රනිල් ඡන්ද 329524 ක් ගත් අතර මෙවර සරත්ට ඉන් කොටසක් දීමට සිදු වෙයි. තවමත් එජාප පාක්ෂිකයින් අතර වඩාත් ජනප්‍රිය චරිතය සරත් ෆොන්සේකාය. එනිසා කොළඹ එජාප ඡන්ද පදනම දෙකට බෙදී යාම නොවැළැක්විය හැකිය. එහි ප්‍රතිඵලය වන්නේ සරත්ට හෝ රනිල්ට ඡන්ද 200000 ක් වත් ගැනීමට නොහැකි වීමයි.

බැසිල් රාජපක්ෂ ගතහොත්, ඔහුට ගම්පහෙන් විශාල තරගයක් නැත. නමුත් ගම්පහ සිටින ඡන්ද දායකයින් සංඛ්‍යාව කොළඹ සිටින ඡන්ද දායකයින්ට වඩා සාපේක්ෂව අඩුය. අනෙක් අතට ගම්පහ තවත් කීර්තිමත් සංධාන මෙන්ම එජාප අපේක්ෂකයින් ගනනාවක් සිටින නිසා ඔවුනොවුන් අතර මනාප බෙදී යාමේ ප්‍රතිඵලයක් ලෙස බැසිල් රාජපක්ෂ මහතාටද මනාප බෙදී යාමේ ගැටළුවට මුහුණ දීමට සිදු වේ.

2004 මහමැතිවරනයේදී සංධානයේ අපේක්ෂකයින් අතරින් දිවයිනේ වැඩිම මනාප සංඛාව ලබාගත්තේද විමල් වීරවංශ මහතාය. නමුත් එදාට වඩා අද විමල්ගේ ජනප්‍රියත්වය ඉහල ගොස් ඇත. එනම් එදා විමල් යුධ ජයග්‍රහනයක් ගන කතා කරත්දී සංධානයේ නායිකාව සාමය ගැන කතා කරමින් ඔහුගේ කකුලින් ඇදීම සිදුවිය. නමුත් එදා විමල් දුන් මතවාදී සටනේ ජයග්‍රහනය අද යතාර්ථයක් වී ඇත.

මෙවර මහමැතිවරණය පැවැත්වෙන්නේ ජනපතිවරණ උණුසුම අහවර වීමටත් පෙර නිසා ජනපතිවරනයේ අප දේශපාලඥයින් කළ කී දෑ ගැන තවමත් ජනතාවට මතකය. ඉන් මම අදහස් කළේ ජනපතිවරණයේ ජයග්‍රාහකයා මහින්ද මහතා වුවත් 2005 මෙන්ම මෙවරත් ජනපතිවරණ සටනේ වීරයා විමල් වීරවංශ බවයි. එනිසා විමල් වීරවංශ මහතා අපේක්ෂක ලයිස්තුවේ බැබලෙන තරුව වීම අනවරතයෙන් සිදුවන්නකි. එහි ප්‍රතිඵලය වන්නේ සංධානයට ඡන්දය දෙන සියල්ලෙක්ම පාහේ විමල්ට තම පළමු මනාපය දීමයි.

අනෙක් අතට පාඨලී චම්පික රණවක වැනි මහතෙක්ට ලංකාවේ පළමුවැනියා වීමට හකිනම් අපි සිංහලයින් ලෙස ආඩම්බර විය යුතුය. නමුත් තිත්ත ඇත්තනම් කොළඹ සිටින දෙමළ සහ මුස්ලීම් ජනතාව, සිංහල බෞද්ධ ව්‍යාපාරය නියෝජනය කරන චම්පික මහතාට ඡන්දය දීමට තරමක් මැළි වීමයි. නමුත් විමල් වීරවංශ මහතා, රටේ ඒකීය භාවය වැනි ප්‍රශ්න සම්භන්ධයෙන් දැඩි මතයක සිටියද, සිංහල බෞද්ධයින් පමණක් නියෝජනය කරන්නෙක් නොවේ. මුසම්මිල් වැනි මුදලට පක්ෂය පාවා නොදෙන මුස්ලීම් මන්ත්‍රීවරු සිටින ජානිපෙ, මුස්ලීම අපේක්ෂකයින් අතරද ජනප්‍රියය. එනිසා සිංහල ඡන්ද පලණක් නොව අනෙක් සුළු ජාතික ඡන්දද විමල්ට ලැබීම නොවරදවා සිදුවන්නකි.

ඉහත විග්‍රහය දෙස බැලීමේදී එළඹෙන මහමැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප සංඛ්‍යාව විමල් වීරවංශ ලබාගනීයැයි අපිට උලකල්පනය කිරීමට හැකිය. කුමකින් කුමක් වුවත් විමල් වීරවංශ මහතාම දක්වා ඇති පරිදි මෙම මහමැතිවරණය මනාප පොරය පැවැත්වෙන අවසාන මැතිවරනය වනු දැකීම ඔබ අප සියල්ලගේම ඒකායන බලාපොරොත්තුව විය යුතුය.

Share

16 comments to එළඹෙන මහමැතිවරණයේ වැඩිම මනාප විමල් වීරවංශට

Leave a Reply

 

 

 

You can use these HTML tags

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>