Calender

October 2009
S M T W T F S
« Sep   Nov »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Categories

හෙළ හඩ ගෙන යායුතු මග…

පිංවත් සුදේස් ඔබගේ කාරුණික ආරාධනයට පිං
මෙම ගෘප් එක හරහා අභිමානවත් ජාතියක් හැටියට පවතින සිංහල ජාතිකයන්ගේ පෞඩ ඉතිහාසය හා අදීන සංස්කෘතිය යනාදිය ගැන සකච්ඡා කරන්නට, නොදන්නවුන් දැනුවත් කරන්නට ආරම්භ කරන්නට බලාපොරොත්තු වන්නේ යයි සිතමි.


රන්ග ජයවර්ධනයන් මුලදීම සටහන් කර ඇති ප්රකාශය ගැන මා යමක් කියනු කැමැත්තෙමි.
ඔහු විසින් ඉදිරිපත් කරන ලද අදහස් සියල්ලම පාහේ සැබෑය. අප අතීතයේ පටන් එවන් අභිමානයක් ඇත්තෝ වන්නෙමු.


තවද සියල්ලන්ගේ ම දැන ගැනුම පිණිස කිවයුත්තක් ඇත. මේ ලොව පරාමාර්ථ සත්යය සහ සම්මුති සත්යයි දෙකක් ඇත්තේය. එයින් සම්මුති සත්යය තුල කතා කරනු ලබන දේ තුල පූර්ණ බවක් හෝ අතිසයින් සාධාරණ බවක් නැත. ඒ දුර්වලත්වයෙන් යුතුය. සම්මුතිය දැඩිව ගෙන මුළු මහත් ලෝකයා ඉන්දිය ස්පර්ෂ ලෝකය හමුවේ පීඩා විඳින බව බුදු සමිදාණන් වහන්සේ දේශනා කොට වදාළ සේක.


පරමාර්ථ සත්යය යනු පුර්ණ වුද අතිසයින්ම සාධාරණ වු ද ධර්ම තාවයකි. එයින් ඔපවත් වු මානසිකත්වයෙන් යුතු තැනැත්තා ඉන්දිය ස්පර්ශ ලෝකයෙන් නොමුලාව කටයුතු කරනු ලබන්නේ සුවසේද සැපසේද වාසය කරන්නේ ය.


තවද දතයුතු කරුණක් නම් ජාති ආගම් කුල ගොත් සියල්ලද අයත් වන්නේ සම්මුතිය තුල හිර වුන පටු ආකල්ප හා බවය. ජාතින් ලෙස හෝ කුලයන් ලෙස බෙදීමෙන් ලොවට සිදු වු යහපතක් නොමැත්තේ ය. ඒ නිසා ලොවට සිදු වුයේ හුදෙක් අසුන්දර දේ පමණක් යයි කීම නිවැරදි යයි සිතමි.


පරමාර්ථ සත්යය ලෙසින් ලොව දෙස බලන කල රෑ යම එළිය කරණ සඳ රාජිණිය තම සොමි කැළුම් බේදයකින් තොරවා බෙදා විසුරුවනා ලෙසින් මුළු ලොව එකම බිමක් එකම මිදුලක් මෙන් දකින්නේ ය එවිට එහි ජාතිකත්වයක් හෝ වර්ග වාදී හැගීමක් නැත.


මේ ලෝකයේ සම්මුතිය ලොකයේ පැවැත්මට උපකාර වත් වන්නේ යයි බොහෝ දෙනා සිතති කල්පනා කරති නමුත් එය නිවැරදි නොවේ . මේ ලොකයට සැම දිනම බියක් ඇති වුනේ නම් ඒ සියල්ල සිදු වුයේ බාලයන් නිසා බවත් ණැනවතුන් නිසා නොව බවත් අපගේ භාග්යවත් වු බුදු රජාණන් වහන්සේ දේශනා කොට වදාළ සේක. එබැවින් මේ ලොකය ගැන ඔබ සියල්ලෝම දත යුතු කරුණක් ඇති, වර්ග වාදී හෝ ආගම් බේදයන් හැම දෙයකටම වඩා ලෝකයේ අයහපතට බලපානේනේ දුසිල්වත් බවත් අනෙකුත් දුර්ගුණයන් බවය. එහි කිසිදු වෙනසක් නැත්තේ ය. ලෝභය සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ ඉන්දියන් සුද්දන් යනාදි හැමටම පවතින්නකි. ඔවුන්ගේ ඒ ලෝභය හේතුවෙන් ඔවුන් අගය කරන දෙය රැකගැනීමට හෝ අනුන් සතු දේ පැහැර ගැනීමට කටයුතු කරන්නේ ය. එය හුදෙක් සිදුවන්නේ එලෙසටය. මෙය ද්වේෂය සම්බන්ධයෙන්ද මෝඩකම් නොහොත් මෝහය සම්බන්ධයෙන්ද මේ ලෙසටම දත යුත්තේ ය. ලොකයා ධර්මයට ගරු නොකරන තාක් කල් ලෝකය යස ඉසුරිනුත් ධන ධාන්යයෙනුත් ආයුෂයෙනුත් පිරිහි යන බවත් ධර්මයට ගරු කරනා විට එවා වැඩි දියුණු වී යන බවත් ධර්මයේ සදහන්ව ඇත්තේ ය.


ජාති ආගම් බේදයන් පසෙක ලා වත්මන් හෙල දිව පාලනය ක්රමයම ගෙන බලන්න එහි ඇත්තේ වෙනත් කිසිම අඩු පාඩුවක් නොව සත්යවාදි බවේ අඩුවත් බලලෝභයෙන් යුතු ක්රියා කලාපයත් නිසා පවතින ගැටළුවකි. එහෙව් දුර්වලතා අඩුපාඩු කම් නොතිබිණි නම් මේ පුංචි දිවයින් පුංචි දෙව්ලොවක් කල කොහැක්කේ ද කල හැක්කේ මය. මෙහි නොකල හැක්කක් නොමැත. සුද්දන් තේරුම් ගත් එය අපගේ ජන නායකයන් තේරුම් ගෙන නැත්තේ ය. සුද්දන්ට බැණ බැණ තවමත් තේ රබර් ආදියෙන් ලාබ ලබති. අනේ මෙහෙමත් රටක් මට කියන්න වෙන දෙයක් නොමැත. ධර්මය හා එකතු වු හැම විටම හෙළයා මුළු ලොවම පාලනයට පවා ශක්තිමත් විය ධර්මයෙන් තොර වු කල එවැන්නක් ඔහු තුල දැකි ය නොහැක්කේ ය. එබැවින් අප සාකච්ඡා කල යුත්තේ ඒ අභිමානවත් පෞරුසය මේ සිංහල ජාතියට ලබා දෙන්නට නම් අප කල යුත්තේ කුමක් ද යන කාරණාවය


තවද මා යමක් සිහිපත් කරමි රංග ජයවර්ධනයන් ලියා ඇති පරිදි අපට ශේෂ්ඨ වු සංස්කෘතියක් ඇත්තේ ය . එය හුදෙක්ම බෞද්ධාකල්පයෙන් ම ඔපවත් වුවකි. කැත්රිනා කුණාටු ඇමෙරිකාව ආක්රමණය කල විට ඇමෙරිකාව වැනි සුවිසාල රටකට එය දරාගත නොහැකි වුවත්. සුනාමිය නැමැති මහා ව්යසනයට ශ්රි ලංකාව ඉතාමත් හොදින් මුහුණ දීමේ හේතුව බෞද්ධ සංස්කෘතිය තුල අප ලැබු ආභාසයයි. බෞද්ධ සංස්කෘතිය යනු බුදුහිමියන් දෙසු දහමට අනුව තිසරණයට ගරුකව ජිවිතය ගොඩ නංවා ගැනීමෙන් ම පහල වුවක් මිස සාකච්ඡා සම්මන්ත්රණ තුලින් හෝ ආමත්යාංස වල ක්රියා කාරකම් වලින් බිහිවුවක් නොවන්නේ ය. බාහිර ක්රියා කාරකම් ඔස්සේ සංස්කෘතිය රකින්නට යන හැම විටම සිදුවන්නේ එය තව දුරටත් පිරිහීමට පත් වීමය එය අමුතුවෙන් කිව යුතු නොවන්නේ ඇස් පනා පිට පෙනෙන දෙයක් බැවිනි.


මේ හෙල ජන සැමගේ කොදු නාරටිය ශක්තිමත් කිරීමේ එකම බලය ඇත්තේ බුදු රජාණන් වහන්සේගේ ධර්මය හමුවේය. ටිබේට් වැසියන්ගෙන් අපට ඒ සදහා ආදර්ශ ගත හැකියයි මා පුද්ගලිකව සිතමි.


ඉහත සදහන් සියළු කරුණු අවධානයට ගෙන මේම හෙළහඩින් මේ සිංහල දේශයේ වැසියන් සතු ඒ අභිමානවත් පෞරුෂය නැවත ලබා දීමේ වැඩ පිළිවෙලක් කරන්නේ නම් එය සමස්ත ලෝකයටම මහත් ළුලදායි දෙයක් බවට පත්වනු ඇත්තේ ය…..


ඔබ සැමට තෙරුවන් සරණින් සියළු යහපත වේවා ….!!!

ඉහත ලිපිය කැලුම් සුදේශන මහතාගේ ආරාධනය පරිදි පූජ්‍ය එප්පාවල  සංඝසුමන හිමියන් විසින් රචනා කරන ලද්දකි. අකුරු වර්ග වල තිබෙන නොගැලපීම නිසා සමහර වචන වැරදියට සටහන් වී ඇති බව සලකන්න.

Share

Leave a Reply

 

 

 

You can use these HTML tags

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>